ඇලයාපත්තුව මහා විද්‍යාලය

Children's Day Celebration

slider_image1.png
slide3.png

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ජේ.එම්.එස්.ජී.ජයවර්ධන මයා

අධ්‍යාපනයේ මූලික අරමුණ වනුයේ දක්ෂතා සහ තාක්ෂණික නිපුණතා ලබා ගත හැකි සවිමත් අධ්‍යාපන ක්‍රමයක් තුළින් දැනුමැති, වගවීමැති සහ නිර්මාණශීලී පුරවැසියන් බිහි කිරීමයි. එම අරමුණ සැබෑ කර ගැනීමට අප විද්‍යාලය නිරන්තරයෙන් උත්සාහ කරමින්, විශිෂ්ටත්වය වෙත දිගු මගක් ගමන් කරයි.

අප වර්තමාන සමාජය පුළුල්ව වෙනස් වන තත්වයකට ලක්ව ඇති අතර, එයට අනුගත වන ආකාරයෙන් සිසුන් ඉලක්ක කරා ගමන් කිරීමට මග පෙන්වන, දක්ෂ මානව සම්පතක් අප පාසල සතු වීම ඉමහත් සතුටකි.

අප පාසලේ ශක්තිමත් අංග සංවර්ධනය කරමින්, වඩාත් ශක්තිමත් අනාගතයක් උදෙසා දුර්වලතා මගහැරී ඉදිරියට යා යුතුය. මේ සඳහා පාසල් ප්‍රජාවේ සියලු දෙනාගේ සහයෝගය මෙන්ම, ක්‍රියාකාරී සහභාගීත්වයද ඉතා වැදගත් වේ.

මෙම වෙබ් අඩවිය මඟින් පාසලේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය තවදුරටත් ප්‍රබල කිරීමක් වශයෙන් ක්‍රියා කරයි.

ජේ.එම්.එස්.ජී.ජයවර්ධන මයා
නියෝජ්‍ය විදුහල්පති
අ/ඇලයාපත්තුව මහ විදුහල.