නමදිමු සිරස නමා - සුරකිමු එකසෙ සැමා………//
ඇලයාපත්තුව විදුහල් මෑණි
නමදිමු සිරස නමා - සුරකිමු එකසෙ සැමා.........//
ගුණ මිණි කැට අම බින්දූ
ණැන කිරණින් මණ බැන්දූ
රස පිරි බස් කන රැන්දූ
අම බින්දූ, මණ බැන්දූ, කන රැන්දූ පාසල් මෑණී....
නමදිමු සිරස නමා - සුරකිමු එකසෙ සැමා.........//
දැහැමි පැතුම් මල් සිත සැරසූ
සිප් සත දැනුමට මඟ පෑදූ
දිරිය විරිය දී පණ ගැන්වූ
සිත සැරසූ, මග පෑදූ, පණ ගැන්වූ පාසල් මෑණී.....
නමදිමු සිරස නමා - සුරකිමු එකසෙ සැමා......//






